ලොවම කැළඹූ ඉන්දීය ගුවන් අනතුරට හේතුව ප්‍රකාශ කරයි

ජූනි 12 වැනිදා ගුජරාටයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පියාසර කරද්දී, කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූලික වාර්තාවට අනුව, යානයේ නියමුවන් දෙදෙනාගේ ක්‍රියා කලාපය කෙරෙහි මේවනවිට වැඩි අවධානයක් යොමු වී ඇත.

මෙම ගුවන් අනතුරින්, යානයේ සිටි 241 දෙනාට අමතරව, ගොඩනැගිලි තුල සිටි 19 දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.

ගුවන් යානයේ කළු පෙට්ටිය හෙවත් පියසැරි දත්ත සටහනේ පටිගත වූ නියමුවන් දෙදෙනාගේ කතාබහ අනුව, අනතුර සිදුවෙද්දී යානයේ, ඉන්ධන සැපයුම් විසන්ධි වී තිබුණු බව තහවුරු වී ඇත.

නියමු කුටියේ හඬ පට අනුව, එක් නියමුවකු අනෙක් නියමුවාගෙන් විමසන්නේ, ඇන්ජින්වලට ඉන්ධන කපා හැරියේ ඇයි යනුවෙනි. දෙවැනි නියමුවා පිළිතුරු දෙන්නේ තමන් එසේ නොකළ බවය. ඒ සමඟ යානය කඩා වැටී ඇත.

BBC
gossip lanka